Homeසියලුම පුවත්සූර්යකුමාර් යාදව් ඉන්දීය T20 සංචිතයෙන් ඉවතට

සූර්යකුමාර් යාදව් ඉන්දීය T20 සංචිතයෙන් ඉවතට

ඉන්දියාවට විස්සයි20 ලෝක කුසලානය දිනාදීමට නායකත්වය දුන් සූර්යකුමාර් යාදව් ඉදිරි අයර්ලන්ත සහ එංගලන්ත සංචාරය සඳහා නම් කළ ඉන්දීය විස්සයි20 සංචිතයෙන් ඉවත් කර තිබේ.
අද (06) ප්‍රකාශයට පත් කළ සංචිතයේ නායකත්වය සඳහා ශ්‍රෙයාස් අයියර් නම් කර ඇති අතර, ඔහුගේ වයස අවුරුදු 31කි.
ක්‍රිකට් ආරංචි මාර්ග අනුව, ලෝක කුසලාන ජයග්‍රහණයෙන් අනතුරුව පැවති IPL තරගාවලියේදී සූර්යකුමාර් යාදව් දැක්වූ දුර්වල දස්කම් හේතුවෙන් ඔහු සංචිතයෙන් සහ නායකත්වයෙන් ඉවත් කර ඇති බව සඳහන් වේ.
එමෙන්ම, 2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙල සහ මීළඟ විස්සයි20 ලෝක කුසලානය ඉලක්ක කර ගනිමින් තරුණ ක්‍රීඩකයන්ට අවස්ථාව ලබාදීමේ සැලැස්මක් යටතේද මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වෙයි.
සූර්යකුමාර්ට අමතරව රින්කු සිං සහ කුල්දීප් යාදව් ද සංචාරයෙන් ඉවත් කර ඇති අතර, හර්දික් පාණ්ඩ්‍යා සහ ජස්ප්‍රිත් බුම්රා විවේක ගන්වා තිබේ.
මේ අතර IPL තරගාවලියේ කැපී පෙනෙන දස්කම් දැක්වූ 15 හැවිරිදි වෛභව් සූර්යවංශි මෙම සංචාරයට කැඳවා ඇති අතර, ඔහුට ජාත්‍යන්තර තරගයකට ක්‍රීඩා කිරීමට අවස්ථාව ලැබුණහොත්, සචින් තෙන්ඩුල්කාර් ට පසු ඉන්දීය පිරිමි කණ්ඩායම නියෝජනය කළ ලාබාලතම ක්‍රීඩකයා බවට පත්වනු ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments