Homeසියලුම පුවත්සෞඛ්‍ය අමාත්‍යවරයා සහ GMOA නව නිලධාරීන් අතර සාකච්ඡාවක්

සෞඛ්‍ය අමාත්‍යවරයා සහ GMOA නව නිලධාරීන් අතර සාකච්ඡාවක්

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) නව නිලධාරී මණ්ඩලය අතර හමුවක් අද (12) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී පැවැත්විණි.

එහිදී GMOA හි නව සභාපති වෛද්‍ය චන්දික එපිටකඩුව මහතා, ලේකම් වෛද්‍ය බණ්ඩාර වරකගොඩ මහතා ඇතුළු විධායක සභාවේ නියෝජිතයින්ට අමාත්‍යවරයා සිය සුබපැතුම් පිරිනැමීය.

රටේ ජනතාවට වඩාත් ගුණාත්මක සහ කාර්යක්ෂම සෞඛ්‍ය සේවාවක් ලබාදීම අරමුණු කරගෙන අමාත්‍යාංශය ක්‍රියාත්මක කරන වැඩසටහන් සාර්ථක කර ගැනීම සඳහා GMOA හි අඛණ්ඩ සහයෝගය වැදගත් බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

සාකච්ඡාවේදී මේ වන විට පවතින ඩෙංගු රෝග ව්‍යාප්තිය, එය පාලනය කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සහ රෝගීන්ට ප්‍රතිකාර ලබාදීමේදී විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්, හෙද කාර්ය මණ්ඩලය ඇතුළු සෞඛ්‍ය සේවකයන් මුහුණ දෙන ප්‍රායෝගික ගැටලු පිළිබඳවද පුළුල් ලෙස අදහස් හුවමාරු විය.

තවද, ඩෙංගු මදුරු මර්ධන වැඩසටහන් තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා GMOA විසින් සකස් කරන ලද යෝජනා ඇතුළත් විශේෂ වාර්තාවක් සංගමයේ ලේකම් වෛද්‍ය බණ්ඩාර වරකගොඩ මහතා විසින් සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත භාර දී තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments