Homeසියලුම පුවත්හජ් උත්සවය මැයි 28දා

හජ් උත්සවය මැයි 28දා

කොළඹ මහ පල්ලිය විසින් මෙවර හජ් උත්සවය මැයි මස 28 වනදා සැමරීමට නියමිත බව නිල වශයෙන් නිවේදනය කර තිබේ.
ඉස්ලාමීය චන්ද්‍ර දින දර්ශනයේ අවසාන මාසය වන දුල් හජ් මාසය සඳහා අදාළ නව සඳ අද දිනයේ ශ්‍රී ලංකාවේ කිසිදු ප්‍රදේශයකින් දර්ශනය වී නොමැති බවද සඳහන් වෙයි.
ඒ අනුව, දුල් හජ් මාසයේ පළමු දිනය මැයි 19 වනදා ලෙස සලකා, මැයි 28 වනදා හජ් උත්සවය සැමරීමට තීරණය කර ඇති බව කොළඹ මහ පල්ලිය සහ නව සඳ බැලීමේ කමිටුව ප්‍රකාශ කර තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments