Homeසියලුම පුවත්හරක් කටා ඇතුළු විත්තිකරුවන්ගේ ඇප ඉල්ලීම් අධිකරණයෙන් ප්‍රතික්ෂේප කෙරේ

හරක් කටා ඇතුළු විත්තිකරුවන්ගේ ඇප ඉල්ලීම් අධිකරණයෙන් ප්‍රතික්ෂේප කෙරේ

අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී විනිසුරු බුද්ධික සී. රාගල මහතා සඳහන් කළේ, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ගොනුකර ඇති චෝදනා පවත්වාගෙන යා නොහැකි බවට මහාධිකරණය ලබාදුන් නියෝගයට එරෙහිව නීතිපතිවරයා අභියාචනාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර ඇති බවයි.එම තත්ත්වය හමුවේ ඇප ලබාදීම සහ විත්තිකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් සලකා බැලිය නොහැකි බව විනිසුරුවරයා ප්‍රකාශ කළේය.මේ අතර, මාර්ගගත ක්‍රමය ඔස්සේ අධිකරණයට ඉදිරිපත් වූ හරක් කටා තමන් ආතරයිටිස් රෝගයෙන් පෙළෙන බවත්, පාදයේ ආබාධයක් හේතුවෙන් ඇවිදීමට අපහසු වී ඇති බවත් අධිකරණයට දැනුම් දී තිබේ. ඒ අනුව අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා නියෝගයක් නිකුත් කරන ලෙසද ඔහු ඉල්ලා ඇත.එම ඉල්ලීම සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා, හරක් කටාට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට කටයුතු කරන ලෙස වැලිසර බන්ධනාගාරය වෙත දැනුම් දීමට අධිකරණ රෙජිස්ට්‍රාර්වරයාට නියෝග කර තිබේ.අදාළ නඩුව වැඩිදුර විභාගය සඳහා පෙබරවාරි 17 වනදා යළි කැඳවීමට ද නියම කර ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments