Homeදේශීයහල්දුම්මුල්ල රක්ෂිතයෙන් කංසා වගාවක් වටලයි — සැකකරුවන් 6ක් අත්අඩංගුවට

හල්දුම්මුල්ල රක්ෂිතයෙන් කංසා වගාවක් වටලයි — සැකකරුවන් 6ක් අත්අඩංගුවට

හල්දුම්මුල්ල අක්කරසීය රක්ෂිතයේ කැලෑ ප්‍රදේශයක වගාකර තිබූ කංසා හේන් 6ක් පොලීසිය විසින් වටලා, එහි මුරට සිටි පුද්ගලයින් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

පොලීසිය පැවසූයේ, එම හේන් තුළ ගස් 85,000කට වැඩි ප්‍රමාණයක් සහ කුඩා පැළ තවාන් 4ක් තිබූ අතර, සියල්ල විනාශ කර ඇති බවය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හම්බේගමුව සහ කල්තොට ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර, හල්දුම්මුල්ල පොලිස් ස්ථානාධිපතිවරයාට ලැබුණු තොරතුරක් මත මෙය සිදුකර තිබේ.

සැකකරුවන් අද (03) බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

RELATED ARTICLES

Most Popular

Recent Comments