Homeසියලුම පුවත්හැකර් ප්‍රහාරයක් පිළිබඳ වාර්තා ශ්‍රීලන්කන් ගුවන් සේවය ප්‍රතික්ෂේප කරයි

හැකර් ප්‍රහාරයක් පිළිබඳ වාර්තා ශ්‍රීලන්කන් ගුවන් සේවය ප්‍රතික්ෂේප කරයි

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ තොරතුරු තාක්ෂණ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළවන වාර්තා සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව එම ගුවන් සේවය නිවේදනය කරයි.පසුගිය ජුනි 29 වැනිදා අදාළ සිද්ධිය පිළිබඳ වාර්තා පළවීමත් සමඟ විමර්ශන, තාක්ෂණික ඇගයීම් සහ ආරක්ෂක පියවර ක්‍රියාත්මක කළ බව ශ්‍රීලන්කන් ගුවන් සේවය සඳහන් කර තිබේ.එහි අභ්‍යන්තර තොරතුරු තාක්ෂණ පද්ධතිවලට අනවසරයෙන් ඇතුළුවීමක්, දත්ත සොරකම් කිරීමක් හෝ ගුවන් සේවා මෙහෙයුම්වලට බාධාවක් සිදුවූ බවට මෙතෙක් තහවුරු වී නොමැති බවද එම නිවේදනයේ දැක්වේ.තවද, හැකර්වරුන් විසින් බිට්කොයින් හෝ වෙනත් මුදල් ඉල්ලා සිටි බවට වන වාර්තාද ප්‍රතික්ෂේප කර ඇති ශ්‍රීලන්කන් ගුවන් සේවය, එවැනි මුදල් ගෙවීමක් සම්බන්ධයෙන් කිසිදු සාකච්ඡාවක් සිදු නොවූ බව අවධාරණය කර ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments