ටෝ ලාම් මහතා රාජ්‍ය සංචාරයක් සඳහා අද (07) රාත්‍රියේ දිවයිනට පැමිණීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
මෙම සංචාරය අතරතුර ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර වෙළෙඳ, ආයෝජන සහ සංචාරක සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳ සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
ඒ අනුව, හෙට (08) සිට Vietnam Airlines සහ VietJet Air මගින් කොළඹ සහ හෝ චි මිං නගරය / හැනොයි අතර ඍජු ගුවන් ගමන් සේවා නිල වශයෙන් ආරම්භ කිරීමටද නියමිතය.
දෙරට අතර ආර්ථික, කාර්මික, සංචාරක සහ තාක්ෂණික සහයෝගීතාව තවදුරටත් පුළුල් කර ගැනීම සඳහා මෙම සංචාරය වැදගත් අවස්ථාවක් ලෙස සැලකේ
හෙට සිට ශ්‍රී ලංකා – වියට්නාම ඍජු ගුවන් සේවා ඇරඹේ

