හෙරොයින් මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීම සහ ප්‍රවාහනය කිරීමේ චෝදනාවලට වරදකරු වූ දෙහිවල ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකුට මරණ දඬුවම නියම කිරීමට හලාවත මහාධිකරණය අද (17) පස්වරුවේ නියෝග කර තිබේ.
හලාවත කොට්ඨාශ බුද්ධි අංශ නිලධාරීන් කණ්ඩායමක් විසින් 2017 මැයි 17 වනදා හලාවත, ආනවිලුන්දාව ප්‍රදේශයේ සිදුකළ විශේෂ වැටලීමකදී අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
එම වැටලීමේදී පොලිස් භාරයට ගත් සමස්ත මත්ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝග්‍රෑම් 211යි ග්‍රෑම් 818ක් වූ අතර, පසුව සිදුකළ රජයේ රස පරීක්ෂක වාර්තාවට අනුව එහි ශුද්ධ හෙරොයින් ප්‍රමාණය කිලෝග්‍රෑම් 136යි ග්‍රෑම් 99ක් බව තහවුරු වී තිබේ.
2017 වසරේදී මෙරට පුද්ගලයෙකු සතුව තිබී පොලීසිය භාරයට ගත් විශාලතම මත්ද්‍රව්‍ය තොගය ලෙස එය සැලකුණු අතර, එහි වටිනාකම රුපියල් කෝටි 100කට ආසන්න බව සඳහන්ය.

