හොරණ, අරඹකන්ද ප්රදේශයේදී බිරිඳ විසින් එල්ල කළ බව කියන තියුණු ආයුධ ප්රහාරයකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 49 හැවිරිදි අරඹකන්ද ප්රදේශයේ පදිංචිකරුවෙකි.
මූලික පොලිස් විමර්ශනවලට අනුව, සැමියා සහ බිරිඳ අතර නිවස තුළ ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් අනතුරුව බිරිඳ විසින් තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බව අනාවරණය වී ඇත.
මෘත ශරීරය මහෙස්ත්රාත් පරීක්ෂණ කටයුතු සඳහා සිද්ධිය වූ ස්ථානයේ පොලිස් ආරක්ෂාව යටතේ තබා ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් හොරණ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
හොරණේදී බිරිඳගේ තියුණු ආයුධ ප්රහාරයෙන් සැමියා ජීවිතක්ෂයට

