රුපියල් කෝටි 12ක් පමණ වටිනා හෙරොයින් කිලෝ 12ක් සමග සැකකරුවෙකු බස්නාහිර උතුර අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් හෝමාගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු හෝමාගම ප්‍රදේශයේ පදිංචි ප්‍රසාද් නිශාන්ත කොළඹගේ නමැති පුද්ගලයෙකු වන අතර, ඔහු විදෙස් ගතව සැඟව සිටින ‘හෝමාගම ගගන’ නමැති සංවිධානාත්මක අපරාධකරුවාගේ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන අයෙකු බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
පොලීසිය සඳහන් කළේ, මීට පෙර අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් ලැබුණු තොරතුරු මත මෙම අත්අඩංගුව සිදුකර ඇති බවයි.
මෙම මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධව ඩුබායිහිදී අත්අඩංගුවට පත්ව සිටින ‘කොණ්ඩ රංජිත්’ ඇතුළු සංවිධානාත්මක අපරාධකරුවන් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී මේ වනවිට මත්ද්‍රව්‍ය කිලෝ 37කට අධික ප්‍රමාණයක් සොයාගෙන තිබේ.
එමෙන්ම, එම ජාලයට සම්බන්ධ තවත් ප්‍රධාන සැකකරුවෙකුද රුපියල් කෝටි 30කට ආසන්න මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගෙන ඇති බවද පොලීසිය සඳහන් කරයි.
‘හෝමාගම ගගන’ගේ ගෝලයෙකු කෝටි 12ක මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට

