Homeසියලුම පුවත්අගෝස්තු දක්වා ප්‍රමාණවත් ඉන්ධන තොග රට තුළ

අගෝස්තු දක්වා ප්‍රමාණවත් ඉන්ධන තොග රට තුළ

අගෝස්තු මාසය දක්වා රට තුළ ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බව අග්‍රාමාත්‍ය කාර්යාලය අනාවරණය කර තිබේ.
රාජ්‍ය සේවය ක්‍රමවත්ව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් පත්කළ කමිටුවේ හයවන රැස්වීමේදී අදාළ නිලධාරීන් මේ බව දැනුම්දී ඇති බව සඳහන් වේ.
එමෙන්ම, ඉදිරියේදී ඉන්ධන බෙදාහැරීමේ ක්‍රමවේදයන් සංශෝධනය කිරීම, QR කේතය යටතේ ඉන්ධන නිකුත් කිරීම සහ ඉන්ධන කෝටාව වැඩි කිරීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු කර තිබේ.
විදුලි බලශක්ති කළමනාකරණය සහ ජනතාව දැනුවත් කිරීම සඳහාද නව වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සාකච්ඡා වී ඇති බව වාර්තා වෙයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments