ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිටි අඩු පීඩන කලාපය තවදුරටත් සක්‍රීයව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එහි බලපෑම හේතුවෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලට මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව සඳහන් වේ.
ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75කට වැඩි තද වැසි ඇතිවිය හැකි අතර, අහස වලාකුළින් බරව පවතිනු ඇති බවද නිවේදනය කර තිබේ.
උතුරුමැද, ඌව සහ නැගෙනහිර ප්‍රදේශ කිහිපයකටද පස්වරු කාලයේ වැසි තත්ත්වයන් ඇතිවිය හැකි බව වැඩිදුරටත් දැනුම් දී ඇත.
අඩු පීඩන කලාපයේ බලපෑමෙන් අදත් තද වැසි

