Homeසියලුම පුවත්අධි අවදානම් ප්‍රදේශවලින් ඉවත්ව පදිංචි වීමට ජුනි 15 දක්වා සහන කාලයක්

අධි අවදානම් ප්‍රදේශවලින් ඉවත්ව පදිංචි වීමට ජුනි 15 දක්වා සහන කාලයක්

දිට්වා සුළි කුණාටුවෙන් බලපෑමට ලක් වූ බදුල්ල දිස්ත්‍රික්කයේ ආපදා තත්ත්වය සමාලෝචනය කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ දිස්ත්‍රික් සම්බන්ධීකරණ රැස්වීමක් පැවැත්විණි.
ආපදා හේතුවෙන් පවුල් 26,000කට අධික සංඛ්‍යාවක් පීඩාවට පත්ව ඇති අතර, අධි අවදානම් සහිත නිවාසවල සිටින පවුල් 3,400කට අධික පිරිසක් නැවත පදිංචි කිරීමට අවශ්‍ය වී තිබේ.
වෙනත් ස්ථානයකට පදිංචි වීම පිළිබඳ අවසන් තීරණය ගැනීමට ජනතාවට ජුනි 15 දක්වා සහන කාලයක් ලබා දී ඇති බවද රැස්වීමේදී දැනුම් දී ඇත.
එමෙන්ම ආපදා පීඩාවට පත් ජනතාවගේ ජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත් කිරීම සඳහා කඩිනම් පියවර ගන්නා ලෙසද නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments