Homeසියලුම පුවත්ජාතීන් අතර සහජීවනයට පරිණත ආගමික නායකත්වය අත්‍යවශ්‍යයි - අගමැති හරිනි

ජාතීන් අතර සහජීවනයට පරිණත ආගමික නායකත්වය අත්‍යවශ්‍යයි – අගමැති හරිනි

ජාතීන් අතර සංහිඳියාව ශක්තිමත් කිරීමට පරිණත ආගමික නායකත්වයක මඟපෙන්වීම අත්‍යවශ්‍ය බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය.
ඇය මේ බව සඳහන් කළේ ආණමඩුව හි පැවති ආගමික උත්සවයකට සහභාගී වෙමින් අද (13) දිනයි.
සිංහල, දෙමළ සහ මුස්ලිම් ජනතාව සහෝදරත්වයෙන් ජීවත් වන බහුසංස්කෘතික ප්‍රදේශවල සංහිඳියාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ආගමික නායකත්වයේ මඟපෙන්වීම ඉතා වැදගත් බව ඇය අවධාරණය කළාය.
එමෙන්ම සමාජ සහජීවනය හා ජාතික එකමුතුව තහවුරු කිරීම රජයේ ප්‍රධාන අරමුණක් බවද අගමැතිවරිය මෙහිදී සඳහන් කළාය.

RELATED ARTICLES

Most Popular

Recent Comments