Homeසියලුම පුවත්අප්‍රේල් මාසයේ සංචාරක ඉපැයීම් පහළට

අප්‍රේල් මාසයේ සංචාරක ඉපැයීම් පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ දත්ත අනුව, 2026 අප්‍රේල් මාසයේ ශ්‍රී ලංකාවේ සමස්ත සංචාරක ඉපැයීම් අමෙරිකානු ඩොලර් මිලියන 157.1ක් ලෙස වාර්තා වී තිබේ.
2025 අප්‍රේල් මාසයේ වාර්තා වූ ඩොලර් මිලියන 256.7 සමඟ සැසඳීමේදී මෙය සියයට 38.8ක පහළ යාමක් බව සඳහන් වෙයි.
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සංඛ්‍යාලේඛන අනුව, 2026 අප්‍රේල් මාසයේ මෙරටට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 135,643කි.
මේ අතර, 2026 ජනවාරි සිට අප්‍රේල් දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවට පැමිණි සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 876,277ක් ලෙස වාර්තා වන අතර, එම කාලසීමාවේ සමස්ත සංචාරක ඉපැයීම් අමෙරිකානු ඩොලර් මිලියන 1,111ක් බවද වාර්තා වෙයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments