Homeසියලුම පුවත්නීතිවිරෝධී දුම්වැටි සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

නීතිවිරෝධී දුම්වැටි සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

ශ්‍රී ලංකා පොලීසිය විසින් රුපියල් ලක්ෂ 20කට අධික වටිනාකමකින් යුත් නීතිවිරෝධී දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
යුද හමුදා බුද්ධි අංශයෙන් ලැබුණු තොරතුරකට අනුව, විශේෂ කාර්ය බලකායේ මොරටුව ඒකක නිලධාරීන් වැල්ලවත්ත ප්‍රදේශයේ සිදුකළ ඒකාබද්ධ වැටලීමකදී මෙම අත්අඩංගුව සිදුකර ඇත.
සැකකරුවන් සන්තකයේ තිබී නීතිවිරෝධී දුම්වැටි 22,400ක් පොලීසිය භාරයට ගෙන ඇති අතර, ඒවායේ වටිනාකම රුපියල් ලක්ෂ 20කට අධික බව වාර්තා වෙයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments