අමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘USS CANBERRA (LCS 30)’ යුද නෞකාව අද (26) උදෑසන කොළඹ වරායට පැමිණ තිබේ.මෙම නෞකාව ශ්රී ලංකාවට පැමිණ ඇත්තේ අවශ්ය සැපයුම් හා සේවා පහසුකම් ලබාගැනීමේ අරමුණින් බව සඳහන් වේ.කොළඹ වරායට පැමිණි නෞකාව ශ්රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්රදායන්ට අනුකූලව පිළිගනු ලැබීය.‘USS CANBERRA (LCS 30)’ නෞකාව අමෙරිකානු නාවික හමුදාවට අයත් Littoral Combat Ship (LCS) වර්ගයේ යුද නෞකාවකි. එහි දිග මීටර් 127.6ක් වන අතර, නෞකාවේ අණදෙන නිලධාරියා ලෙස කොමාණ්ඩර් C. Towles කටයුතු කරයි.මෙම නෞකාව 2023 ජූලි 22 වැනිදා අමෙරිකානු නාවික හමුදාවේ සේවය සඳහා නිල වශයෙන් එක්කර ඇති අතර, එතැන් සිට එම නාවික හමුදාවේ මෙහෙයුම් කටයුතුවල නිරතව සිටියි.තවද, ‘USS CANBERRA (LCS 30)’ නෞකාව මේ වසරේ ජුනි 12 වැනිදා ද ශ්රී ලංකාවට පැමිණ තිබූ බව වාර්තා වේ.ඒ අනුව, සැපයුම් හා සේවා අවශ්යතා සපුරා ගැනීම සඳහා අමෙරිකානු නාවික හමුදාවට අයත් මෙම යුද නෞකාව නැවතත් කොළඹ වරායට පැමිණීම විශේෂත්වයකි.

