Sunday, November 16, 2025
Homeවිදේශීයඅමෙරිකාව සහ කෙන්යාව ආරක්ෂක ගිවිසුමකට අත්සන් තබයි

අමෙරිකාව සහ කෙන්යාව ආරක්ෂක ගිවිසුමකට අත්සන් තබයි

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අමෙරිකානු ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් සහ කෙන්යාවේ ආරක්ෂක අමාත්‍ය ඒඩන් ඩුආලේ කෙන්යාවේ අගනුවර වන නයිරෝබිහි පැවති රැස්වීමකදී මෙම ගිවිසුමට අත්සන් තබා ඇති බවයි.

ඉදිරි වසර 5 සඳහා දෙරට අතර ආරක්ෂක සබඳතා මෙහෙයුම් ගිවිසුමකට අත්සන් තබා ඇති බවත් විදෙස් වාර්තාවල සඳහන් වේ.

මේ අතර විවිධ සංවිධානාත්මක අපරාධ කල්ලි හේතුවෙන් පීඩාවට පත්ව සිටින හයිටි රාජ්‍යයේ ආරක්ෂාව තහවුරු කිරීමට ද කෙන්යානු රජය ඉදිරිපත් වී ඇත.

එවැනි කල්ලි විසින් හයිටි අගනුවර වන පෝට්-ඕ-ප්‍රින්ස් පාලනය කරන අතර හයිටි වැසියන් කප්පම් සඳහා පැහැර ගැනීම් ඇතුළු විවිධ ප්‍රහාර රාශියකට මුහුණ දෙමින් සිටින බවත් විදෙස් වාර්තාවල සඳහන් වේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments