අමෙරිකාව සහ ඉරානය අතර තීරණාත්මක සාකච්ඡා වටයක් කටාර් රාජ්‍යයේ දෝහා නගරයේදී පැවැත්වී ඇති අතර, එහිදී ධනාත්මක ප්‍රගතියක් අත්කර ගැනීමට දෙපාර්ශ්වය සමත්ව ඇති බව කටාර් බලධාරීන් පවසයි.
සාකච්ඡා තවදුරටත් ඉදිරියට ගෙන යාමට දෙපාර්ශ්වය එකඟ වී ඇති අතර, කටාර් සහ පාකිස්තානය මැදිහත්කරුවන් ලෙස කටයුතු කරමින් පාර්ශ්ව දෙක සමඟ වෙන වෙනම සාකච්ඡා පැවැත්වූ බව කටාර් විදේශ අමාත්‍යාංශය සඳහන් කළේය.
එම සාකච්ඡා ස්විට්සර්ලන්තයේ පැවති ඉහළ මට්ටමේ හමුවේ ප්‍රතිඵල මත පදනම්ව ඉදිරියට ගෙන ගිය බවද වාර්තා වෙයි.
මේ අතර, ඉරානයේ හිටපු උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ අවමංගල්‍ය කටයුතු අවසන් වූ වහාම මීළඟ සාකච්ඡා වටය පැවැත්වීමට දෙපාර්ශ්වය එකඟතාවකට පැමිණ ඇති බව කටාර් රජය වැඩිදුරටත් සඳහන් කළේය.
ඉරාන බලධාරීන් ජූලි 4 සිට ජූලි 9 දක්වා ඉරානයේ සහ ඉරාකයේ ප්‍රදේශ රැසක අයතුල්ලා අලි කමේනි වෙනුවෙන් අවමංගල්‍ය උත්සව සංවිධානය කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අමෙරිකා – ඉරාන දෝහා සාකච්ඡාවලින් ධනාත්මක ප්‍රගතියක්

