අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක ජනතාව පීඩාවට පත්ව ඇති අතර, පවුල් 1,113කට අයත් පුද්ගලයින් 3,475 දෙනෙකු බලපෑමට ලක්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
අද (14) නිකුත් කළ නිවේදනයට අනුව, මෙම අයහපත් කාලගුණය හේතුවෙන් එක් මරණයක්ද වාර්තා වී ඇති අතර, දිස්ත්‍රික්ක 7ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 35ක ජනතාව මෙලෙස බලපෑමට ලක්ව තිබේ.
එමෙන්ම පවුල් 489කට අයත් පුද්ගලයින් 1,310 දෙනෙකු ආරක්ෂිත ස්ථාන 8ක රඳවා සිටින අතර, නිවාස 88ක් අර්ධ වශයෙන් හානි වී ඇති බවද සඳහන්ය.
වැඩිම බලපෑම එල්ල වී ඇත්තේ පුත්තලම දිස්ත්‍රික්කයට වන අතර, එහි පවුල් 474කට අයත් පුද්ගලයින් 1,264 දෙනෙකු බලපෑමට ලක්ව ඇත.
මේ අතර වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ප්‍රධාන ජලාශ 19ක් සහ මධ්‍ය පරිමාණ ජලාශ 19ක් මේ වනවිට වාන් දමමින් පවතින බවයි.
පහත්බිම් සහ ගංඟා ආශ්රිත ප්‍රදේශවල ජනතාව අවධානයෙන් කටයුතු කරන ලෙසද අදාළ අංශ දැනුම් දී ඇත.
අයහපත් කාලගුණයෙන් 3,500කට ආසන්න පිරිසක් පීඩාවට

