Homeසියලුම පුවත්කාලගුණයෙන් රතු නිවේදනයක් - ප්‍රදේශ රැසකට දැඩි වැසි

කාලගුණයෙන් රතු නිවේදනයක් – ප්‍රදේශ රැසකට දැඩි වැසි

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (14) පස්වරුවේ රතු නිවේදනයක් නිකුත් කරමින් බස්නාහිර, සබරගමුව, වයඹ පළාත් සහ මහනුවර, නුවරඑළිය, ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 150 ඉක්මවූ ඉතා තද වැසි ඇතිවිය හැකි බව දැනුම් දී තිබේ.
අද පස්වරු 5.30ට නිකුත් කළ මෙම නිවේදනය හෙට (15) පෙරවරු 8.30 දක්වා බලපැවැත්වෙන බව සඳහන්ය.
ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිටා ඇති අඩු පීඩන කලාපය තවදුරටත් සක්‍රීයව පවතින අතර, ඉදිරි පැය 48 තුළ එය දිවයිනෙන් ඉවතට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
එමෙන්ම ගිගුරුම් සහිත වැසි, තද සුළං සහ අකුණු හේතුවෙන් ඇතිවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස ජනතාවට දැනුම් දී ඇත

RELATED ARTICLES

Most Popular

Recent Comments