Homeසියලුම පුවත්චෝදනාවලට තමන් නිවැරදිකරු බව යෝෂිත කියයි

චෝදනාවලට තමන් නිවැරදිකරු බව යෝෂිත කියයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝශිත රාජපක්ෂ මහතාට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ගොනුකර ඇති නඩුවක් සම්බන්ධයෙන් ඉදිරිපත් කළ මූලික විරෝධතාව කොළඹ මහාධිකරණය අද (14) ප්‍රතික්ෂේප කර තිබේ.
කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා විසින් එම තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කර ඇත්තේ, විත්තිය විසින් ඉදිරිපත් කළ කරුණු පදනම් විරහිත බවයි.
ඉන් අනතුරුව යෝෂිත රාජපක්ෂ මහතාට විවෘත අධිකරණයේදී චෝදනා පත්‍ර කියවා දී ඇති අතර, එහිදී තමන්ට එරෙහි චෝදනාවලට නිවැරදිකරු බව ඔහු ප්‍රකාශ කර තිබේ.
ඒ අනුව, අදාළ නඩුවේ විභාගය ඉදිරියට පවත්වාගෙන යාමට අධිකරණය තීරණය කර ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments