Sunday, November 16, 2025
Homeදේශීයඅවසන් ලිපිය අද ජනපතිට.. ප්‍රතිචාර නැත්නම්, වෘත්තීයවේදීන් 3 සිට යළිත් වෘත්තිය ක්‍රියාමාර්ගවල

අවසන් ලිපිය අද ජනපතිට.. ප්‍රතිචාර නැත්නම්, වෘත්තීයවේදීන් 3 සිට යළිත් වෘත්තිය ක්‍රියාමාර්ගවල

රජයේ බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් අවසන් ලිපිය හෙට ජනපතිට යොමු කරන බවත්, ඊට යළි අරඹන බවත් වෘත්තීයවේදීන් කියයි. 


බදු ගැටලුවට විසඳුම් නොලැබෙන්නේ නම්,  ලබන 03 වනදා සිට යළි වෘත්තිය ක්‍රියාමාර්ගවලට එළඹෙන බව වෘත්තිකයින්ගේ වෘත්තිය සමිති එකමුතුව පවසයි.

ඔවුන් අවධාරණය කළේ,  මේ පිළිබඳ අවසන් ලිපිය අද ජනාධිපතිවරයාට යොමු කරන බවයි. 

වෘත්තිකයින්ගේ වෘත්තිය සමිති එකමුතුව අද පස්වරුවේ කොළඹදී රැස්විය.  

වෛද්‍ය, විශ්වවිද්‍යාල, බැංකු, ඉංජිනේරු ඇතුළු ක්ෂේත්‍ර රැසක වෘත්තිය සමිති නියෝජිතයින් මෙයට එක්ව සිටි අතර ඉදිරි වෘත්තීය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ඔවුන් සාකච්ඡා කර තිබේ.

වෘත්තිය සමිති 47 කගේ සහභාගීත්වයෙන් පසුගිය දා මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කෙරුණේ, රුපියල් ලක්ෂයට වැඩි ආදයම් ලබන්නන් සඳහා අය කරන උපයනවිට බද්ද  ඇතුළත් බදු ක්‍රමවේදය සංහෝධනය කිරීම මුල් කරගනිමිනි. 

බැංකු ණය පොලී අනුපාතික සංශෝධනය, විදුලි බිල ඇතුළු ජීවන වියදම අඩු කිරීම යන කරුණු ද ඔවුන්ගේ ඉල්ලීම් අතර විය.

RELATED ARTICLES

Most Popular

Recent Comments