එළඹෙන අයවැය සම්බන්ධ විවාදයේ ඡන්ද විමසීමේදී ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරුන් පස්දෙනකුගේ වැය ශීර්ෂයන් පරාජයට පත්කිරීමට ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් තීරණය කොට ඇති බව වාර්තා වේ.
පසුගිය අඟහරුවාදා අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසුපෙළ මන්ත්‍රීවරුන් මේ සම්බන්ධයෙන් යම් ඉඟියක් අගමැතිවරයා වෙත ලබාදීමට කටයුතු කොට ඇත.
එහිදී පොහොට්ටුවේ පසුපෙළ මන්ත්‍රීවරයකු වන තිස්ස කුට්ටිආරච්චි මහතා සඳහන් කොට ඇත්තේ ආණ්ඩුවේ ප්‍රධාන ඇමැතිවරුන් කිහිප දෙනකු පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් නොසලකා කටයුතු කරමින් සිටින බවත්, එළඹෙන අයවැයේදී ඔවුන් සම්බන්ධයෙන් දැඩි තීන්දුවක් ගැනීමට පොහොට්ටුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් තීන්දු කොට ඇති බවත්ය.
දැනගන්නට ඇති ආකාරයට ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරුන් පස්දෙනකුගේ වැය ශීර්ෂයන් පරාජයට පත්කිරීමට මෙසේ පොහොට්ටුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් තීන්දු කොට තිබේ.
කෙසේ වෙතත් මෙහිදී අගමැතිවරයා දැනුම් දී ඇත්තේ වහාම ජනාධිපතිවරයා සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කොට විසඳුම් ලබාදීමට කටයුතු කරන බවකි