Monday, February 16, 2026
Homeදේශීයආයුර්වේද වෛද්‍ය සේවය සඳහා නව පත්වීම් හෙට

ආයුර්වේද වෛද්‍ය සේවය සඳහා නව පත්වීම් හෙට

දේශීය ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්‍රය සවිබල ගන්වමින් උපාධිධාරීන් 303ක් ශ්‍රී ලංකා ආයුර්වේද වෛද්‍ය සේවයට බඳවා ගැනීමට නියමිතව තිබේ.

මෙම පත්වීම් ප්‍රදානය හෙට (03) කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

2018 න් පසු විශාලතම පිරිසක් බඳවා ගන්නා අවස්ථාව මෙය වන අතර, නව වෛද්‍යවරුන් පළාත් සභා හා මධ්‍යම රජයේ ආයුර්වේද රෝහල් වෙත නියම කිරීමට නියමිතය.

ආයුර්වේද සේවාව මඟින් රෝගී සත්කාර ගුණාත්මකත්වය වැඩි දියුණු කිරීමටත්, බෝවන හා නොවන රෝග පාලනය කිරීමටත් මේ හරහා දායක වීමට අදහස් කර ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments