Homeසියලුම පුවත්ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධුරයට එරෙහි පෙත්සම විභාගයට අවසර

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධුරයට එරෙහි පෙත්සම විභාගයට අවසර

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය දැරීමට නුසුදුසු බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනු කර ඇති අභියාචනා පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබාදී තිබේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාලක ලේකම් රේණුක පෙරේරා මහතා ඉදිරිපත් කළ පෙත්සම සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කළ බව අධිකරණ ආරංචි මාර්ග සඳහන් කරයි.
පෙත්සමේ සඳහන් වන්නේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත්වීමෙන් අනතුරුව ආනන්ද විජේපාල මහතා ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙසද කටයුතු කරන බැවින්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ඔහුට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය දැරීමට සුදුසුකමක් නොමැති බවට තීන්දුවක් ලබාදිය යුතු බවයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments