ඇෆ්ගනිස්තානයේ සිවිල් සේවකයින්ට ස්මාර්ට්ෆෝන් භාවිතය රටපුරා තහනම් කිරීමට තලේබාන් පාලනය තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම නියෝගය අනුව විනිසුරුවන් ඇතුළු හමුදා සහ සිවිල් රාජ්‍ය ආයතනවල සියලු නිලධාරීන්ට ජූනි 16 වැනිදා සිට ස්මාර්ට්ෆෝන් භාවිතය තහනම් කර ඇති අතර, නියෝගය කඩකරන පුද්ගලයින්ගේ දුරකථන රාජසන්තක කර නීතිය අනුව දඬුවම් ලබාදෙන බවද සඳහන් වේ.
රාජ්‍ය නිලධාරීන් පෙන්වා දෙන්නේ රාජකාරී කටයුතු බොහොමයක් ජංගම දුරකථන, වට්ස්ඇප් සහ විද්‍යුත් තැපෑල හරහා සිදු වූ බැවින් මෙම තහනම හේතුවෙන් පරිපාලන කටයුතු දැඩි ලෙස අඩාල වී ඇති බවයි.
පන්ජ්ෂීර් පළාත් ආණ්ඩුකාරවරයා සියලු රාජ්‍ය කාර්යාල තුළ මෙම නියෝගය වහාම ක්‍රියාත්මක කරන ලෙස දැනුම් දී ඇති අතර, මානව හිමිකම් ක්‍රියාකාරීන් පෙන්වා දෙන්නේ ස්මාර්ට්ෆෝන් ජනතාවගේ අධ්‍යාපනය, තොරතුරු ලබාගැනීම සහ සන්නිවේදනය සඳහා අත්‍යවශ්‍ය මෙවලමක් බවයි.
ඇෆ්ගනිස්තානයේ සිවිල් සේවකයින්ට ස්මාර්ට්ෆෝන් තහනම්

