Homeසියලුම පුවත්වෙනිසියුලා භූකම්පනයෙන් මරණ 188 දක්වා ඉහළට

වෙනිසියුලා භූකම්පනයෙන් මරණ 188 දක්වා ඉහළට


වෙනිසියුලාවේ උතුරු වෙරළ තීරයට බලපෑ ප්‍රබල භූකම්පන හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 188 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එරට බලධාරීන්ට අනුව, තවත් පුද්ගලයින් 1,520 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර, 157 දෙනෙකු තවමත් අතුරුදන්ව සිටින බව සඳහන් වේ.
සුන්බුන් අතර සිරවී ඇතැයි සැලකෙන 200කට අධික පිරිසක් සොයා සහ මුදාගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ.
රික්ටර් මාපකයේ 7.2 සහ 7.5 ප්‍රබලත්වයෙන් යුත් භූකම්පන දෙකෙන් අනතුරුව පසු කම්පන 138ක්ද වාර්තා වී තිබේ.
මෙම ව්‍යසනයෙන් ගොඩනැගිලි 250ක්, වෙළඳ සංකීර්ණ 20ක් ඇතුළු යටිතල පහසුකම් රැසකට හානි සිදුව ඇති අතර, රෝහල් 8කටද බලපෑම් එල්ල වී ඇත.
හානියට පත් නිවාස හා රෝහල් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 200ක හදිසි අරමුදලක් පිහිටුවීමට වෙනිසියුලා රජය තීරණය කර ඇති අතර, එරට වැඩබලන ජනාධිපතිනි ඩෙල්සි රොඩ්‍රිගස් විසින් ජාතික හදිසි තත්ත්වයක්ද ප්‍රකාශයට පත් කර තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments