Homeසියලුම පුවත්ඉක්වදෝරයෙන් ජර්මනියට අනපේක්ෂිත පරාජයක්

ඉක්වදෝරයෙන් ජර්මනියට අනපේක්ෂිත පරාජයක්

මෙරට වේලාවෙන් අද (26) අලුයම පැවැති පාපන්දු ලෝක කුසලාන තරගයකදී සිව්වරක් ලෝක ශූරයන් වූ ජර්මනිය ගෝල 2-1ක් ලෙස පරාජය කිරීමට ඉක්වදෝරය සමත් විය.
අමෙරිකාවේ MetLife Stadium ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේ දෙවැනි මිනිත්තුවේදී ජර්මනිය පළමු ගෝලය වාර්තා කළද, නවවැනි මිනිත්තුවේදී ඉක්වදෝරය සම තත්ත්වයට පැමිණියේය.
තරගයේ වැඩි කාලයක් පන්දුවේ පාලනය ජර්මනිය සතුව තිබුණද, 77 වැනි මිනිත්තුවේදී ඉක්වදෝරය තීරණාත්මක දෙවැනි ගෝලය වාර්තා කරමින් ජය තහවුරු කළේය.
මෙය ජර්මනිය පාපන්දු තරගයකදී ඉක්වදෝරය හමුවේ පරාජයට පත් වූ පළමු අවස්ථාව ලෙසද වාර්තා අතරට එක්ව තිබේ.
මෙම පරාජයත් සමඟ ජර්මනිය ලෝක ශ්‍රේණිගත කිරීම්හි ස්ථාන තුනකින් පහළට වැටී තිබුණද, ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ රැකගැනීමට සමත් වී ඇත.
ඉක්වදෝරය තවමත් ‘E’ කාණ්ඩයේ දෙවැනි ස්ථානයට පැමිණ නොතිබුණද, මෙම ජයග්‍රහණයත් සමඟ ලෝක කුසලාන අවසන් කණ්ඩායම් 32 දෙනාගේ වටයට සුදුසුකම් ලැබීමේ බලාපොරොත්තු තවදුරටත් ශක්තිමත් කරගෙන තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments