බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ඇන්ටිගුවාහි පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 308ක් රැස් කළේය.
නායක ධනංජය ද සිල්වා විශිෂ්ට ඉනිමක් ක්රීඩා කරමින් පන්දු 168කදී හතරේ පහර 17ක් සමඟ ලකුණු 120ක් රැස් කළ අතර, එය ඔහුගේ 12 වැනි ටෙස්ට් ශතකය ලෙස වාර්තා විය.
මෙය කොදෙව් කණ්ඩායමට එරෙහිව ඔහු වාර්තා කළ දෙවැනි ටෙස්ට් ශතකය වන අතර, කොදෙව් දූපත්වලදී ලබාගත් පළමු ටෙස්ට් ශතකයද වේ. එමෙන්ම, 2024 වසරේ බංග්ලාදේශයට එරෙහිව ශතකයක් වාර්තා කිරීමෙන් පසු ඉනිම් 22කට පසුව ඔහු ලබාගත් පළමු ශතකය වීමද විශේෂත්වයකි.
ශ්රී ලංකා ඉනිමේදී සොනාල් දිනූෂ ලකුණු 43ක් රැස් කරමින් ධනංජය සමඟ 6 වැනි කඩුල්ලට ලකුණු 99ක සබඳතාවක් ගොඩනැඟූ අතර, අනතුරුව මිලාන් රත්නායක සමඟ 7 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 64ක සබඳතාවක්ද පිහිටුවීය.
ශ්රී ලංකා ඉනිම අවසන් වීමෙන් පසු පළමු ඉනිම ආරම්භ කළ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම දිනය නිමා වන විට එක් පන්දුවාරයකට පමණක් මුහුණ දී තිබුණි.
ධනංජයගේ ශතකයෙන් ශ්රී ලංකාව සවිමත් ඉනිමක්

