ඉරානය විසින් එල්ල කළ මිසයිල ප්‍රහාර මාලාවෙන් අනතුරුව, ඉරානයට එරෙහිව තවදුරටත් ප්‍රතිප්‍රහාර දියත් නොකරන ලෙස අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊශ්‍රායලයෙන් ඉල්ලා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සමඟ සෘජුවම සාකච්ඡා කර පළිගැනීමේ ප්‍රහාරවලින් වැළකී සිටින ලෙස දැනුම් දෙන බව ට්‍රම්ප් සඳහන් කර තිබේ.
ඔහු පෙන්වා දී ඇත්තේ ඉරානය සහ අමෙරිකාව අතර පවතින සාකච්ඡා අවසන් එකඟතාවකට ආසන්න වී ඇති අතර, වත්මන් ගැටුම් හේතුවෙන් එම ප්‍රගතිය බිඳ වැටීමක් දැකීමට තමන් අකමැති බවයි.
මේ අතර, ආරක්ෂක තත්ත්වය උග්රවීම හේතුවෙන් ගාසා තීරයේ ඇතැම් ප්‍රදේශවල ආරක්ෂක පියවර දැඩි කර ඇති අතර, ජෙරුසලමේ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලයේ කටයුතුද සීමා කර ඇති බව වාර්තා වෙයි.
ඉරානයට එරෙහි ප්‍රතිප්‍රහාර නවත්වන්නැයි ට්‍රම්ප්ගෙන් ඊශ්‍රායලයට ඉල්ලීමක්

