ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ඉරානයට එරෙහිව අද (11) රාත්‍රියේ දැඩි ප්‍රහාර එල්ල කරන බවට අනතුරු අඟවමින් ප්‍රකාශයක් නිකුත් කර තිබේ.
ඔහු සිය Truth Social ගිණුම ඔස්සේ සඳහන් කර ඇත්තේ, ඉරානයේ නාවික, ගුවන් සහ ගුවන් ආරක්ෂක හැකියාවන් මෙන්ම ප්‍රහාරක ශක්තීන්ගෙන් විශාල කොටසක් මේ වනවිට විනාශ කර ඇති බවයි.
එමෙන්ම, ඉදිරි කාලයේදී ඉරානයේ ප්‍රධාන තෙල් අපනයන මධ්‍යස්ථානයක් ලෙස සැලකෙන කාර්ග් දූපත ඇතුළු තෙල් හා ගෑස් යටිතල පහසුකම් ආශ්රිත ස්ථානවල පාලනය ලබාගැනීමට අපේක්ෂා කරන බවද ඔහු ප්‍රකාශ කර තිබේ.
අමෙරිකාව සහ ඉරානය අතර යළිත් උණුසුම් වී ඇති ගැටුම්කාරී වාතාවරණයක් මධ්‍යයේ මෙම ප්‍රකාශය සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉරානයට ට්‍රම්ප්ගෙන් දැඩි අනතුරු ඇඟවීමක්

