Thursday, November 13, 2025
Homeදේශීයඊයේ නතර කළ ඉන්දු පාකිස්ථාන තරගය අද

ඊයේ නතර කළ ඉන්දු පාකිස්ථාන තරගය අද

වර්ෂාව හේතුවෙන් අතහැර දැමුණු ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටයේ ඉන්දියාව සහ පාකිස්ථානය අතර ඊයේ(10) පැවති තරගය යළි අද දිනයේ දී ආරම්භ වනවා.

ඊයේ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී අදාළ තරගය පැවති අතර ඇද හැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් තරග විනිසුරුවන් තීරණය කළේ තවදුරටත් ක්‍රීඩා කිරීමට නොහැකි බවයි.

ඒ අනුව තරගය ඕවර් 34ක තරගයක් ලෙස පැවැත්වීමට තීරණය කර තිබුණ ද යළි වැසි ඇති වීමත් සමග එම තීරණය ද අත්හිටුවීමට තීරණය කළා.

ඊයේ තරගය අවසන් කළ පන්දුවාරයේ සිට අද පස්වරු 3.00ට තරගය නැවත ආරම්භ වීමට නියමිතයි.

මෙම තරගයේ කාසියේ වාසිය දිනූ පාකිස්ථානය පළමුව පන්දු රැකීමට තීරණය කළා.

ඒ අනුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම වර්ෂාවට පෙර පන්දුවාර 24යි පන්දු 1කදී කඩුලු 2ක් දැවී ලකුණු 147ක් ලබා ගත්තා.

RELATED ARTICLES

Most Popular

Recent Comments