රජය බලයට පත්වූ අවස්ථාවේ සිට ජාතික ආරක්ෂාව ශක්තිමත් කිරීම සඳහා ඉහළම ප්‍රමුඛත්වය ලබාදී කටයුතු කර ඇති බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා ප්‍රකාශ කළේය.
නාවලපිටිය හා කොත්මලේ අදිටන විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමුහිකයේ ආසන සමුළුවකට එක්වෙමින් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, මහජන ආරක්ෂාව සම්බන්ධයෙන් ඇතැම් අවස්ථාවල මතුවූ ගැටලු මේ වන විට සැලකිය යුතු ලෙස පාලනය කර ඇති බවයි.
තමන් ඇතුළු පාලන කණ්ඩායම නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව, ප්‍රතිපත්තිමය රාමුව තුළ රටේ යහපත වෙනුවෙන් කටයුතු කරන බවද ඔහු අවධාරණය කළේය.
එමෙන්ම, රජය ක්‍රියාත්මක කරන යහපත් වැඩසටහන්වලට විපක්ෂය නිරන්තරයෙන් විවේචන එල්ල කරන බවටද අරුණ ජයසේකර මහතා චෝදනා කළේය.
බන්ධනාගාර කොමසාරිස්වරයා පත් කිරීම සහ බෝගම්බර බන්ධනාගාරය යළි ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් මතුව ඇති කරුණු පිළිබඳව ජාතික ජන බලවේගයේ මාධ්‍ය ප්‍රකාශකවරයා ඉදිරි දිනවලදී නිල ප්‍රකාශයක් සිදුකරනු ඇති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

