Tuesday, October 15, 2024
Homeදේශපාලනඋසස් පෙළ සිසුන් බිල්ලට දෙන්න එපා

උසස් පෙළ සිසුන් බිල්ලට දෙන්න එපා

අපොස උසස් පෙළ (2023)  විභාගය නියමිත දිනයට  පෙර පැවැත්වීම එම සිසු දරුවන්ගේ මානව හිමිකම් අමු අමුවේ වළලා  දැමීමක් බව  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විභාග දෙපාර්තමේන්තුව සහ අධ්‍යාපන අමාත්‍යාංශය සිසුන්ගේ අයිතිවාසිකම් සහ ප්‍රායෝගික තත්වයන් නොසලකා හරිමින් ඉතා අසාධාරණ ලෙස  ඔවුන්ගේ  අනාගත ජීවිතයට අහිතකර බලපෑම් එල්ල වන අයුරින් කාලසටහන් සකස් කිරීමේ ම්ලේච්ඡ අරමුණක  නිරතව සිටින බවට චෝදනා කරන විපක්ෂනායකවරයා රට අසීරු තත්ත්වයට ඇද දැමූ පාලකයන්ට   වැදගත්ම අධ්‍යයන වර්ෂයේ පාසල් යෑමට තිබූ දින ගණන සීමා කිරීමෙන් ඇති වූ පාඩුව එම දරුවන් පිට හෝ ගුරුවරුන් පිට පැටවීමට  කිසිම සදාචාරාත්මක අයිතියක්  නැතැයිද  ප්‍රකාශ කළේය.

මේ තීරණය  හේතුවෙන් දරුවන් විශාල පිරිසක් දැඩි මානසික පීඩාවකට ලක්ව සිටින බවද ඔහු සඳහන් කළේය. සජිත් ප්‍රේමදාස මහතා මේ බව සඳහන් කරන්නේ නිවේදනයක් නිකුත් කරමිනි

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments