Homeසියලුම පුවත්ඒකාබද්ධ ගුවන් ප්‍රහාරවලින් IS ත්‍රස්තයින් 175ක් මරුට

ඒකාබද්ධ ගුවන් ප්‍රහාරවලින් IS ත්‍රස්තයින් 175ක් මරුට

නයිජීරියානු සහ අමෙරිකානු ආරක්ෂක අංශ එක්ව සිදුකළ ගුවන් ප්‍රහාර මාලාවකින් IS සංවිධානයේ ඉහළ පෙළේ නායකයෙකු ඇතුළු ත්‍රස්තවාදීන් 175 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම ප්‍රහාරවලින් IS සංවිධානයේ ගෝලීය මෙහෙයුම් ප්‍රධානී ලෙස සැලකෙන අබු බිලාල් අල් මිනුකි ද ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන් වේ.
ප්‍රහාරය නයිජීරියාවේ ඊසානදිග ප්‍රදේශයක පිහිටි දුරස්ථ ගම්මානයක් ඉලක්ක කරගෙන සිදුකර ඇති අතර, ඒ සම්බන්ධයෙන් නයිජීරියාව සහ අමෙරිකාව නිල ප්‍රකාශ නිකුත් කර තිබේ.
2009 වසරේ සිට බොකෝ හරාම් සහ IS බටහිර අප්‍රිකානු ශාඛාව විසින් එම කලාපයේ සන්නද්ධ ප්‍රහාර රැසක් සිදුකර ඇති අතර, එම ගැටුම් හේතුවෙන් මේ වනවිට පුද්ගලයින් 40,000කට වැඩි පිරිසක් මියගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කරයි.
එමෙන්ම මිලියන දෙකකට අධික පිරිසක් අවතැන් වී ඇති බවද වාර්තා වෙයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments