Homeසියලුම පුවත්ඔස්ට්‍රේලියාවේ දන්ත සායනයකින් රෝගීන්ට HIV සහ හෙපටයිටිස් අවදානමක්

ඔස්ට්‍රේලියාවේ දන්ත සායනයකින් රෝගීන්ට HIV සහ හෙපටයිටිස් අවදානමක්

සිඩ්නි නගරයේ දන්ත වෛද්‍ය සායනයක පැවති දුර්වල ආසාදන පාලන ක්‍රමවේද හේතුවෙන් රෝගීන් දහස් ගණනකට HIV, හෙපටයිටිස් B සහ හෙපටයිටිස් C වැනි ලේ මඟින් බෝවන වෛරස්වලට නිරාවරණය වී තිබිය හැකි බව සෞඛ්‍ය බලධාරීන් අනතුරු අඟවා තිබේ.
අදාළ සායනයේ වසර 25කට ආසන්න කාලයක් ප්‍රතිකාර ලබාගත් රෝගීන් වෛද්‍ය පරීක්ෂණ සහ රුධිර පරීක්ෂණ සිදුකර ගන්නා ලෙස දැනුම් දී ඇත.
පසුගිය විගණනයකදී සායනයේ උපකරණ නිසි ලෙස විෂබීජහරණය නොකිරීම සහ පිරිසිදු කිරීමේ ක්‍රියාවලියේ දුර්වලතා අනාවරණය වී ඇති බවද වාර්තා වෙයි.
මේ අතර, අදාළ දන්ත වෛද්‍යවරයාගේ වෛද්‍ය ලියාපදිංචියද අවලංගු කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි

RELATED ARTICLES

Most Popular

Recent Comments