ත්‍රිකුණාමලය බුදු පිළිම සිදුවීමට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු බෞද්ධ භික්ෂූන් වහන්සේලා සිව්දෙනෙකු සහ තවත් හය දෙනෙකු පෙබරවාරි 9 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තබා ගැනීමට ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය අද (02) නියෝග කළේය.
අදාළ සැකකරුවන් අද අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කර ඇත.
ත්‍රිකුණාමලය නගරයේ වෙරළ ආරක්ෂක කලාපය තුළ අනවසර කුටියක් ඉදිකර බුදු පිළිමයක් තැන්පත් කිරීම සම්බන්ධයෙන් වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මෙම නඩුව විභාගයට ගෙන ඇත.
මෙම සිද්ධියට අදාළව
පූජ්‍ය බලංගොඩ කස්සප හිමි,
පූජ්‍ය ත්‍රිකුණාමලය කල්‍යාණවංශ තිස්ස හිමි,
පූජ්‍ය ත්‍රිකුණාමලය සුඛිතවංශ තිස්ස හිමි,
පූජ්‍ය නන්ද හිමි
ඇතුළු පිරිසක් සැකකරුවන් ලෙස නම් කර ඇත.

