අනුරාධපුර රුවන්වැලි සෑය අභියස ආරම්භ කර ඇති මාරාන්තික උපවාසය අද (12) දෙවන දිනටත් ක්‍රියාත්මක වේ.සිරදඬුවම් නියමව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරගැනීමට කටයුතු කරන ලෙසත්, අනුරාධපුර පූජා භූමියේ සංවර්ධන ව්‍යාපෘතිය නතර කරන ලෙසත් ඉල්ලමින් පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු ස්වාමීන් වහන්සේ තුන් නමක් ඊයේ (11) මෙම මාරාන්තික උපවාසය ආරම්භ කළහ.උපවාසයේ නිරත භික්ෂූන් වහන්සේ ආහාර හෝ ජලය කිසිවක් ලබා නොගෙන සිටින බව වාර්තා වේ.ඊයේ රාත්‍රියේදීද උපවාස භූමිය වෙත භික්ෂූන් වහන්සේ ඇතුළු ගිහි පැවිදි පිරිස් පැමිණ උපවාසයේ නිරත භික්ෂූන් වහන්සේට සහාය පළ කර තිබේ.

