Homeසියලුම පුවත්කුඩා ගඟ ආශ්‍රිත ගංවතුර අනතුරු ඇඟවීම තවත් පැය 48කට දීර්ඝ කෙරේ

කුඩා ගඟ ආශ්‍රිත ගංවතුර අනතුරු ඇඟවීම තවත් පැය 48කට දීර්ඝ කෙරේ

කළු ගඟේ කුඩා ගඟ උප ද්‍රෝණිය සඳහා නිකුත් කර ඇති ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනය තවත් පැය 48ක කාලයක් සඳහා දීර්ඝ කර තිබේ.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ පසුගිය 20 වැනිදා පෙරවරු 9.30ට නිකුත් කළ අනතුරු ඇඟවීම මෙලෙස නැවත දීර්ඝ කළ බවය.

පවතින තත්ත්වය සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙස අදාළ ප්‍රදේශවල පදිංචි ජනතාවගෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.

එමෙන්ම එම ප්‍රදේශ හරහා දිවෙන මාර්ගවල, විශේෂයෙන් අතුරු මාර්ගවල ගමන් ගන්නා රියදුරන්ටද අවධානයෙන් කටයුතු කරන ලෙස දැනුම් දී තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments