Homeසියලුම පුවත්22ට එරෙහි සජබ විරෝධතාවයෙන් පාර්ලිමේන්තු පිවිසුම අවහිර වෙයි

22ට එරෙහි සජබ විරෝධතාවයෙන් පාර්ලිමේන්තු පිවිසුම අවහිර වෙයි

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව සමගි ජන බලවේගය සංවිධානය කළ විරෝධතාවක් හේතුවෙන් පොල්දූව මංසන්ධියෙන් පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ගය අවහිර වී තිබේ. 0

“ප්‍රජාතන්ත්‍රවාදය වනසන 22 එපා” යන තේමාව යටතේ සංවිධානය කළ මෙම විරෝධතාව අද (24) පෙරවරු 9.30ට පමණ පොල්දූව මංසන්ධියෙන් ආරම්භ වී තිබේ.

බත්තරමුල්ල ප්‍රදේශයට අද උදෑසන සිට වැසි පැවතියද විරෝධතාව සඳහා විශාල පිරිසක් එක්ව සිටින බව වාර්තා වේ.

විරෝධතාව සඳහා සමගි ජන බලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, නියෝජිතයින් සහ පාක්ෂිකයින් පිරිසක් එක්ව සිටිති.

විරෝධතාව හේතුවෙන් බත්තරමුල්ල ආශ්‍රිතව දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇති අතර, විරෝධතාකරුවන් පාර්ලිමේන්තු පිවිසුම දෙසට ගමන් කරමින් සිටිති. 1

විරෝධතාවට එක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කර ඇත්තේ 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් විරෝධය පළ කරන බවත්, පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන ලෙසත්ය.
“`2

RELATED ARTICLES

Most Popular

Recent Comments