Homeසියලුම පුවත්කොලොම්බියා භූකම්පනයේ මරණ 111ක් දක්වා ඉහළට

කොලොම්බියා භූකම්පනයේ මරණ 111ක් දක්වා ඉහළට

කොලොම්බියාවේ බටහිර ප්‍රදේශයට බලපෑ ප්‍රබල භූකම්පනය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 111 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

භූකම්පනයෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ රිසරාල්ඩා පළාතට වන අතර, කාලි නගරය ඇතුළු තවත් ප්‍රදේශ රැසකටද දැඩි බලපෑම් එල්ල වී තිබේ.

රිච්ටර් මාපකයේ ඒකක 7.4ක ප්‍රබලත්වයක් සටහන් කළ මෙම භූකම්පනයේ කේන්ද්‍රය චොකෝ පළාතේ සැන් ජොසේ ඩෙල් පල්මාර් ආසන්නයේ පිහිටා තිබූ බව කොලොම්බියානු භූ විද්‍යා සේවය සඳහන් කරයි.

භූකම්පනය හේතුවෙන් ක්විබ්ඩෝ ඇතුළු ප්‍රදේශවල ගොඩනැගිලි රැසකට හානි සිදුව ඇති අතර, මුදාගැනීමේ මෙහෙයුම් සඳහා බොගෝටා සහ මෙඩෙලින් නගරවලින් සහන කණ්ඩායම් යොදවා තිබේ.

එමෙන්ම ගුවන් තොටුපළ කිහිපයක ගුවන් ගමන් තාවකාලිකව නතර කිරීමටද බලධාරීන් පියවර ගෙන ඇත.

භූකම්පනය කොලොම්බියාවේ පළාත් 9කට සහ පළාත් අගනගර 32කට දැනී ඇති අතර, අසල්වැසි වෙනිසියුලාවේ ප්‍රදේශ කිහිපයකටද එහි බලපෑම දැනී තිබේ.

කෙසේ වෙතත්, මෙම භූකම්පනය හේතුවෙන් සුනාමි අවදානමක් නොමැති බව එක්සත් ජනපද සුනාමි අනතුරු ඇඟවීම් පද්ධතිය සඳහන් කරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments