Homeසියලුම පුවත්අදත් ප්‍රදේශ කිහිපයකට වැසි සහ ගිගුරුම් සහිත වැසි

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි සහ ගිගුරුම් සහිත වැසි

අද (11) දිනයේදී දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

සබරගමුව පළාතට මෙන්ම මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට වරින් වර වැසි ඇතිවිය හැකි අතර, බස්නාහිර සහ වයඹ පළාත්වලද වැසි වාර කිහිපයක් ඇතිවිය හැකිය.

ඌව හා නැගෙනහිර පළාත්වලත් මුලතිවු දිස්ත්‍රික්කයේත් ස්ථාන කිහිපයකට පස්වරු 2.00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතී.

ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවල තාවකාලික තද සුළං සහ අකුණු ඇතිවිය හැකි බැවින්, ඒවායෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

RELATED ARTICLES

Most Popular

Recent Comments