Homeසියලුම පුවත්කොළඹ ප්‍රදේශ කිහිපයක ජල කප්පාදුව රාත්‍රී 11.30 දක්වා දීර්ඝ කෙරේ

කොළඹ ප්‍රදේශ කිහිපයක ජල කප්පාදුව රාත්‍රී 11.30 දක්වා දීර්ඝ කෙරේ

අඹතලේ ජල පවිත්‍රාගාරයේ සිදුකෙරෙන අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ සහ අවට ප්‍රදේශ කිහිපයකට අද (04) රාත්‍රී 8.00 දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ ජල කප්පාදුව රාත්‍රී 11.30 දක්වා දීර්ඝ කර තිබේ.

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ නුගේගොඩ, කොහුවල, දෙහිවල, ගල්කිස්ස, රත්මලාන, මොරටුව, රාවතාවත්ත, සොයිසාපුර, අඟුලාන, ඉඳිබැද්ද, කටුබැද්ද, කල්දෙමුල්ල, මෝදර, කොරළවැල්ල, එගොඩඋයන සහ කටුකුරුන්ද යන ප්‍රදේශවලට මෙම ජල සැපයුම් අත්හිටුවීම බලපාන බවයි.

මීට අමතරව සෙත්සිරිපාය, හිඹුටාන, උඩුමුල්ල පාර, මාලිගාගොඩැල්ල, බැංකු හන්දිය පාර, ඩබ්ලිව්.ඒ. සිල්වා මාවත, හැව්ලොක් පාර, කල්‍යාණි පාර, කොළඹ 06, රෝහල් වටරවුම් පාර, ජයන්ති මාවත සහ ශාන්ති මාවත යන ප්‍රදේශවලටද ජල කප්පාදුව ක්‍රියාත්මක වේ.

ජල සැපයුම අත්හිටුවන කාලය දීර්ඝ කිරීම හේතුවෙන් පාරිභෝගිකයින්ට සිදුවන අපහසුතාව පිළිබඳව කනගාටුව පළ කරන ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය, එම කාලය තුළ ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.

RELATED ARTICLES

Most Popular

Recent Comments