රුපියල් මිලියන 25කට අධික වටිනාකමකින් යුත් කුෂ් ග්‍රෑම් 2,505ක් සමග ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.
බැංකොක් සිට පැමිණ ඇති කොළඹ පදිංචි 33 හැවිරිදි පුද්ගලයෙකු වන අතර, ඔහු වෘත්තියෙන් ඡායාරූප ශිල්පියෙකු බවද සඳහන් වේ.
හරිත මාර්ගය ඔස්සේ පිටවීමට උත්සාහ කිරීමේදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශ නිලධාරීන්ට ඇති වූ සැකයක් මත පරීක්ෂා කළ අවස්ථාවේදී, ඔහුගේ ගමන් මල්ල තුළ ඉතා සූක්ෂම ලෙස සඟවා තිබූ කුෂ් තොගය සොයාගෙන ඇත.
එම මත්ද්‍රව්‍ය වියළි පලතුරු පැකට් තුළ වියළි පලතුරු ඉවත්කර අසුරා තිබූ බවද අනාවරණය වී තිබේ.
වැඩිදුර විමර්ශන සඳහා සැකකරු සහ අදාළ මත්ද්‍රව්‍ය තොගය ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාලයට භාරදීමට නියමිතය.
කෝටි 2කට අධික කුෂ් සමග ඡායාරූප ශිල්පියෙක් කටුනායකදී අත්අඩංගුවට

