මහා භාණ්ඩාගාරයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් සොරකම් කිරීම සඳහා වංචනිකයන් විශ්වාසවන්ත පාර්ශ්වයක් ලෙස පෙනී සිටිමින් ව්‍යාජ තොරතුරු භාවිතා කළ බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය අනාවරණය කරයි.
මූලික විමර්ශන අනුව මෙය “ෆිෂින්ග්” හා “බිස්නස් ඊමේල් කම්ප්‍රොමයිස් (BEC)” ක්‍රමවේද භාවිතයෙන් සිදුකර ඇති බව සඳහන් වේ. එහිදී තෙවන පාර්ශ්වයක් ලෙස දිගුකාලීනව ගනුදෙනු නිරීක්ෂණය කර නිසි අවස්ථාවේදී ව්‍යාජ ගිණුම් තොරතුරු ලබාදී මුදල් ලබාගෙන ඇති බව හෙළිව තිබේ.
මෙම මුදල් නැවත ලබාගැනීම තාක්ෂණික වශයෙන් අභියෝගාත්මක ක්‍රියාවලියක් වන අතර, එය ජාත්‍යන්තර මට්ටමේ සහාය අවශ්‍ය වන බවද විශේෂඥයින් පෙන්වා දෙති.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පුළුල් විමර්ශනයක් සිදුකරමින් ඇති අතර, අදාළ සාකච්ඡා කිහිපයක්ද මුදල් අමාත්‍යාංශයේදී පැවැත්වී තිබේ.
හැකර්වරුන් විසින් ඩොලර් මිලියන 2.5ක් සොරකම් කළ ආකාරය හෙළිවේ

