අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න මහතා ගමන් කළ කැබ් රථය අනතුරට ලක්ව ඇති බව වාර්තා වේ.
ඔහු ඊයේ (22) රාත්‍රියේ කොළඹ සිට හැටන් හරහා නුවරඑලිය දක්වා ගමන් කරමින් සිටියදී, කිතුල්ගල කළුකොහු තැන්න ප්‍රදේශයේදී වාහනය ලිස්සා ගොස් මාර්ග අසල තිබූ විදුලි කණුවක ගැටී මෙම අනතුර සිදුව තිබේ.
අනතුරින් නියෝජ්‍ය අමාත්‍යවරයාට හෝ රියදුරාට කිසිදු හානියක් සිදුව නොමැති අතර, කැබ් රථයට දැඩි හානි සිදුව ඇති බව පොලීසිය සඳහන් කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් කිතුල්ගල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
නියෝජ්‍ය අමාත්‍යවරයා ගමන් කළ කැබ් රථය අනතුරට පත්වෙයි

