Homeසියලුම පුවත්ගංවතුර තත්ත්වය තවදුරටත් වර්ධනය වීමේ අවදානමක් නෑ - වාරිමාර්ග දෙපාර්තමේන්තුව

ගංවතුර තත්ත්වය තවදුරටත් වර්ධනය වීමේ අවදානමක් නෑ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

අද දිනයේ සැලකිය යුතු වර්ෂාපතනයක් අපේක්ෂා නොකරන බැවින් දැනට පවතින ගංවතුර තත්ත්වය තවදුරටත් වර්ධනය වීමේ අවදානමක් නොමැති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

පසුගිය පැය 24 තුළ බොහෝ ප්‍රදේශවල වර්ෂාපතනය අඩුවී ඇති අතර, මහවැලි ගඟේ නාවලපිටිය සහ පේරාදෙණිය ප්‍රදේශවල ජල මට්ටම් ක්‍රමයෙන් පහළ යමින් පවතින බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

කැලණි ගඟේ කිතුල්ගල, නෝර්වුඩ්, අවිස්සාවේල්ල, ලෙන්කොස් සහ හංවැල්ල ඇතුළු ප්‍රදේශවලද ජල මට්ටම් අඩුවෙමින් පවතින අතර ගංවතුර අවදානම තවදුරටත් ඉහළ යාමක් අපේක්ෂා නොකෙරේ.

කළු ගඟ ආශ්‍රිත රත්නපුර සහ මිල්ලකන්ද ප්‍රදේශවල මෙන්ම නිල්වලා ගඟ, ගිං ගඟ, අත්තනගලු ඔය සහ මහ ඔයේ ජල මට්ටම්ද ක්‍රමයෙන් සාමාන්‍ය තත්ත්වයට පත්වෙමින් පවතින බව සඳහන් වේ.

කෙසේවෙතත් ඉදිරියේදී තෙත් කලාපයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට යළි අධික වර්ෂාවක් ලැබුණහොත් කැලණි, කළු සහ මහවැලි ගංගා ආශ්‍රිත ප්‍රදේශවල නැවත ගංවතුර අවදානමක් මතුවිය හැකි බැවින් ජනතාව අවධානයෙන් පසුවන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments