Homeසියලුම පුවත්ගතවූ පැය 24 තුළ වැඩිම වැස්ස අවිස්සාවේල්ලට

ගතවූ පැය 24 තුළ වැඩිම වැස්ස අවිස්සාවේල්ලට

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් අද (15) පෙරවරු 5.00න් අවසන් වූ ගතවූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය අවිස්සාවේල්ල ප්‍රදේශයෙන් වාර්තා වී තිබේ.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, එම ප්‍රදේශයට මිලිමීටර් 180ක වර්ෂාපතනයක් ලැබී ඇති බවයි.
ඊට අමතරව හංවැල්ලට මි.මී. 158ක් සහ දැරණියගලට මි.මී. 122ක වැසිපතනයක් ලැබී ඇති බවද වාර්තා වෙයි.
මේ හේතුවෙන් කැලණි ගඟ, අත්තනගලු ඔය සහ මා ඔය ආශ්‍රිත ප්‍රදේශවල ජල මට්ටම් ඉහළ ගොස් ඇති අතර, ජනතාව විමසිල්ලෙන් කටයුතු කරන ලෙස අදාළ අංශ දැනුම් දී ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments