Homeසියලුම පුවත්ප්‍රධාන ජලාශ 21ක් වාන් දමයි - ජනතාවට අවධානයෙන් සිටින්නැයි දැනුම්දීමක්

ප්‍රධාන ජලාශ 21ක් වාන් දමයි – ජනතාවට අවධානයෙන් සිටින්නැයි දැනුම්දීමක්

වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ, මේ වනවිට ප්‍රධාන ජලාශ 21ක් සහ මධ්‍ය පරිමාණ ජලාශ රැසක් වාන් දමමින් පවතින බවයි.
අද (15) පෙරවරු 6.00 වනවිට මෙම තත්ත්වය වාර්තා වී ඇති අතර, අනුරාධපුර, හම්බන්තොට, කුරුණෑගල, මහනුවර, මොනරාගල සහ පුත්තලම ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක ජලාශ මෙලෙස වාන් දමමින් පවතින බව සඳහන්ය.
රාජාංගන, ලුණුගම්වෙහෙර, වෙහෙරගල, තබ්බෝව සහ ඉගිණිමිටිය ඇතුළු ජලාශවලින් විශාල ජල ප්‍රමාණයක් ගංගා සහ ඔය වෙත මුදාහැරෙමින් පවතින බවද වාර්තා වෙයි.
මේ හේතුවෙන් පහත්බිම් ප්‍රදේශවල සහ ගංගා ආශ්‍රිතව ජීවත්වන ජනතාව දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත

RELATED ARTICLES

Most Popular

Recent Comments